2012-01-30

බය වෙන්න එපා


රජයේ රෝහල්වලින් ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් කිසිසේත් බිය නොවන්නැයි හෘද රෝගීන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් දා තීරණය කළේ හෘද රෝගීන්ට ලබාදෙන අයිසොසොබයිට් මොනෝනයිට්රේට් මිලිග‍්‍රෑම් 20 ඖෂධය තවදුරටත් භාවිතයට ගැනීම වහාම අත්හිටුවීමටයි. පකිස්තානයෙන් නිපදවන එම ඖෂධය ලබාදීමෙන් එරට හෘද රෝගීන් 70 කට වැඩි  පිරිසක් මියගොස් තවත් 400 කට වැඩි පිරිසක් සංකූලතාවයන්ට ලක්ව සිටින බව ඉකුත් දා අනාවරණ කළා.
එම ඖෂධය තවදුරටත් භාවිතයට ගැනීම වහාම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් එම ඖෂධය රජයේ කිසිදු රෝහලක නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය අවධාරනය කරනවා. ආනයන කිරීම සඳහා ලියාපදිංචි කර ඇතැත් රජයේ රෝහල්වලට එම ඖෂධය ආනයන නොකළ බවයි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා කියාසිටියේ.