ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව දෙකඩ වී තිබෙනවා. එහි සාමාජිකයන් අතර සහයෝගයක් නොමැති බවයි වාර්තා වන්නේ. ඉකුත් 20 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම තේරීම් කමිටුව පත්කෙරුණා. අසන්තද මෙල් මහතා තේරීම් කමිටුවේ සභාපතිවරයායි. අමල් ද සිල්වා, හේමන්ත වික‍්‍රමරත්න හා දොන් අරුණසිරි යන මහත්වරුන් සෙසු සාමාජිකයන් වනවා.
එහෙත්, පත්කරනු ලැබීමෙන් දින 10 ක් ගත වී ඇතත් අමල් ද සිල්වා මහතා මෙතෙක් එම ධුරය භාරගෙන නැහැ. ධුරය ප‍්‍රතික්ෂේප කරන බවට නිළ දැනුම් දීමක් ද ඔහු විසින් සිදුකර නැහැ. වාර්තා වූයේ ඔහු විසින් ධුරය භාර ගැනීම ප‍්‍රමාද ප‍්‍රමාද වෙමින් තිබෙන්නේ සෙසු සාමාජිකයන් සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි නිසා බවයි. ඉදිරි සතිය ඇතුළත තේරීම් කමිටුව යළි වෙනස් වනු ඇතැයිද වාර්තා පළ වනවා.2012-01-30
Tags