සංචාරක කර්මාන්තය සමග බැඳුණු ව්‍යාපාර අවස්ථා සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් ශී‍්‍ර ලාංකිකයන්ට නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙනවා.
කොළඹ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම දුර්වලතාව හේතුවෙන් ගැටුම් ඇති වීමද සිදුවිය හැකි බවයි.
ශී‍්‍ර ලංකා සංචරනයේ සභාපති නාලක ගොඩහේවා මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වුණා. ඒ මහතා පැවසුවේ සංචාරක කර්මාන්තය සමග බැඳුණු ව්‍යාපාර අවස්ථා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන බවයි. කුඩා ප්‍රමාණයේ ජලාශ ආශී‍්‍රතව ඔරු සේවා සැපයිය හැකි බවද රට වටා මුහුදේ ගිලී ඇති නෞකා නිරීක්ෂණ චාරිකා සංවිධානය කළ හැකි බවද ප්‍රකාශ කෙරුණා.
සංචාරකයන් සඳහා මෙවැනි සේවා සැපයීමේ කුඩා ව්‍යාපාර ආරම්භ කරන්නන්ට පහසුකම් සැපයීම සඳහා සංචාරක උදාව ලෙස වැඩසටහනක් සංවිධාන කරන බවද ප්‍රකාශ කෙරුණා.
මේ අතර මෙම වසරේ පළමු සති දෙක තුළ ශී‍්‍ර ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 60,989ක්. ඔවුන්ගෙන් උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ අනූ තුන්දහස් අටසිය හැටපහක් බව ශී‍්‍ර ලංකා සංචරණය ප්‍රකාශ කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.