2012-01-20

වෘත්තීය සටනෙන් ඉවතට


තමන් ආරම්භ කර තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්හැරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සංගම් 5ක් ඊයේ රාති‍්‍රයේ තීරණය කළා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප‍්‍රකාශ කළෙ එම සංගම් ඒ පිළිබඳ තමන්ට ලිඛිතව දැනුම් දුන් බවයි. රජය විසින් ප‍්‍රකාශයට පත් කළ සියයට 25ක වැටුප් වැඩිවීමට එම වෘත්තීය සංගම් එකඟත්වය පළ කර තිබෙනවා.
තවත් වෘත්තීය සංගම් කිහිපයක් අද පෙරවරුවේ සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගවලින් ඉවත්වීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. මේ අතර තමන්ද ආරම්භ කර තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ගය  ඊයේ රාති‍්‍රයේ සිට අවසන් කළ බව ජලසම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානය පවසනවා. එහි සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා ප‍්‍රකාශ කළේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්හල බවයි.
මේ අතර කොළඹ ජාතික රෝහල කේන්ද්‍ර කර ගනිමින් රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය අවලංගු කර තිබෙනවා. වෛද්‍ය සභාවේ ලේකම්වරයා ලෙස ෂර්ලි හේරත් මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් මොවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් වෛද්‍ය ෂර්ලි හේරත් මහතාගේ සේවය අවසන් කළ බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් තම සංගමයට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. ඒ අනුව යෝජිත වර්ජනය අත්හිටු වූ බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.