2012-01-20

රනිල් ඉන්දියාවට


විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දින 05 ක නිල සංචාරයක් සඳහා ඊයේ රාත‍්‍රීයේ ඉන්දියාව බලා පිටත්ව ගියා. එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේ ඉන්දියාවේ පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවකට සහභාගි වීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා එහි  ගිය බවයි.
ඒ අනුව විපක්‍ෂ නායක ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා පත් කර තිබෙනවා. ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා සමග ද විපක්‍ෂ නායකවරයා එහිදී සාකච්ඡා කරනු ඇති. ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ද රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡුාවක් පැවැත්වුවා. ඊට අමතරව ගුජරාට් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන අමාත්‍ය නරේන්ද්‍ර මූඞ් මහතා සමගද වික‍්‍රමසිංහ මහතා සාකච්ඡා කරනු ඇති.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.