සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ වෙනස් කිහිපයක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සුදානම් වනවා. වොලිබෝල් සහ නෙට්බෝල් අවසන් අදියරේ තරග සියල්ල ගෘහස්ථ ක්‍රිඩාංගණවල පැවැත්වීම එවැනි එක් වෙනස්කමක්. එම තරග අන්තර් ජාතික ප්‍රමිතියට ඔසවා තැබීම එහි අපේක්ෂාව බව පාසල් ක්‍රීඩා අධ්යක්ෂ රෝහණ කරුණාරත්න මහතා පැවසුවා.
විදෙස් රටවල් බොහෝමයක පාසල් මට්ටමේ වොලිබෝල් සහ නෙට්බෝල් තරග පැවැත්වෙන්නේ ගෘහස්ථ ක්‍රීඩාංගණවලයි. එහෙත් ශ්‍රී ලංකාවේ එම තරග මෙතෙක් කල් පැවැත්වුණේ එළිමහන් ක්‍රීඩාංගණවල බව රෝහණ කරුණාරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් සිදු කිරීමට යෝජිත වෙනස්කමට පාසල් කිහිපයක් විරෝධය පළ කරන බවයි වාර්තාවුණේ. එළිමහන් ක්‍රීඩාංගණවල පුහුණු වු ක්‍රීඩකයින්ට ගෘහස්ථ ක්‍රීඩාංගණවල තරග කිරීමට ක්ෂණිකව හුරුවිය නොහැකි බව ඊට හේතුව ලෙස පෙන්වා ද තිබෙනවා. එහෙත් රෝහණ කරුණාරත්න මහතා පවසන්නේ ක්‍රීඩාව නංවාලීමට නම් යෝජිත වෙනස්කම කෙසේ හෝ සිදුකළ යුතු බවයි. එවිට ක්‍රීඩකයින් අන්තර්ජාතික ප්‍රමිතියට හුරුවනු ඇතැයි පැහැදිලි කෙරුණා.2012-01-25
Tags