අමාත්‍යවරුන් හෝ විදෙස් රටවල නියෝජිතයින් කුමක් ප්‍රකාශ කළ ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හෝ ඊට වැඩි බලය බෙදීමක් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක නොකරනු ඇතැයි දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය විශ්වාසය පළ කරනවා. එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පෙන්වා දෙන්නේ බලය බෙදීමක් සිදුකර විසඳාලීමට තරම් ප්‍රශ්නයක් දැන් නොමැති බවයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමක් සිදුකරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්.ක්‍රිෂ්ණා මහතා ඉකුත් දා ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද සහභාගි වු මාධ්‍ය හමුවකදීයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පාලන සමයේදී හඳුන්වා දුන්නක්. පළාත් සභා ස්ථාපිත කෙරුණේ එම ව්‍යවස්ථා සංශෝධනයෙන්. එහෙත් එහි දක්වා තිබු පරිදි ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට පවරා දීම මෙතෙක් සිදුකර නැහැ.