2012-01-16

දෙමළ ජාතික සන්ධානයෙන් ලිඛිත ප‍්‍රතිචාරයක්



උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවට ප‍්‍රතිචාර වශයෙන් දෙමළ ජාතික සන්ධානය වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී    එම්.ඒ. සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේ පිටු 115 කින් සමන්විත එම වාර්තාව කොටස් දෙකකින් යුක්ත වන බවයි. එම වාර්තාවේ පළමු කොටසින් වග වීමේ ක‍්‍රියාවලිය පිළිබඳ කරුණු දක්වා තිබෙනවා.
දෙවැනි කොටස වගවීමේ ක‍්‍රියවලියෙන් බැහැර වෙනත් කරුණු පිළිබඳ දත්ත ඇතුලත් කර ඇති බවයි සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ  කළේ. ඔහු පැවසුවේ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ අවධානයට ලක් නොවුනු කාරණා පිළිබඳව ද තම සන්ධානය පුළුල් ලෙස අධ්‍යනය කළ බවයි. එම කරුණු ද මෙම වාර්තාවට ඇතුලත් කර තිබෙනවා. ඉදිරියේදී එම වාර්තාව රජයට භාර දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේ.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.