අමුතුම ආකාරයේ වීදි නාට්‍ය සංදර්ශනයක් පිළිබඳ සිගිරිය ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. කතාව අපට වාර්තා වූ ආකාරයෙන්ම කියන්නම්.
මේක වෙලා තියෙන්නේ වාරියපොළ ප‍්‍රදේශයේ මස්සිනාලා තුන් දෙනෙක් සීගිරියේ ඉන්න ඥාති හිතවතෙක් බලන්න ගිය වෙලාවක. ගිහින් තියෙන්නේ ඊයේ. මොවුන් තුන් දෙනා ඥාතියාගේ ගෙදර ගිහින් හොඳට සූර් වෙන්න මත්පැන් පානය කරලා තියෙනවා. ඊට පස්සේ තමා මේ වීදි නාට්‍ය පටන් ගෙන තියෙන්නේ. තුන්දෙනාම පාරට ඇවිල්ල තමන් ඇඟලාගෙන සිටි ඇඳුම් ගලවා දමා වීදි නාට්‍ය සංදර්ශනය පෙන්වා තිබෙනවා. ඒ අද කාලේ ජනපි‍්‍රයතම සිංදු අමු තිත්ත කුණුහරුප පද යොදමින් ගායනා කරමින්.
කොහොම හරි මේ සිද්ධිය මෙහෙම වෙද්දී සීගිරිය පොලිසියේ ඕ.අයි.සී. පොලිස් පරීක්ෂක වජිර අතපත්තු මහත්තයාට සිද්ධිය දැන ගන්න ලැබුණේ ප‍්‍රදේශවාසියෙක් ඒ මහතාගේ ජංගම දුරකථනයට ලබාදුන් ඇමතුමක් මගින්.ඇමතුම ලැබුණු සැණින් පොලීසියේ ලොකු මහත්තයත් ගියා මේ වීදි නාට්‍ය ගැන හොයලා බලන්න. ලොකු මහත්තයා එතැනට යද්දි වීදි නාට්‍යයේ අවසන් ජවනිකා කිහිපය තමයි ගිහින් තියෙන්නේ. ඒ කෙසේ වෙතත් ඕ.අයි.සී. මහත්තයා මොවුන්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. තුන් දෙනාම පොලීසියට අරන් ඇවිල්ලා කූඩුවට දාලා. ඊට පස්සේ තුන් දෙනාගෙන්ම ප‍්‍රශ්න කරලා. එහිදී අනාවරණ වී තිබෙන්නේ අධික ලෙස මත්පැන පානය කිරීම හේතුවෙන් මොවුන්ගේ සිහි විකල් වී ඇති බවයි. පොලීසියේදීත් මොවුන් අර පාරේ වීදී නාට්‍ය පෙන්නාපු ආකාරයෙන්ම වීදි නාට්‍ය රඟ දක්වලා තියෙනවා. ඒ කූඩුව ඇතුළේදියි. එහිදී පොලීසියට හිනා වෙන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. කෙසේ වෙතත් මොවුන් තිදෙනා තවදුරටත් සීගිරිය පොලීසිය භාරයේ රඳවාගෙන සිටිනවා. එසේම ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිත බවයි අනාවරණ වන්නේ.
මොවුන් තුන් දෙනා වීදි නාට්‍යයන්හි රඟපාන නළුවන් බවද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල මොවුන් වීදි නාට්‍ය පෙන්වා ඇති බවත් වාර්තා වනවා. කොහොම වුණත් මේක තමයි සීගිරියේදී පටිගත කරන ලද අලූත්ම වීදි අසභ්‍ය වාර්තාමය චිත‍්‍රපටය.
මාර ආතල්නේ... මේ වගේ අය ඉන්නවා කියන්නේ ඉතින් ආයේ ලංකාව ගැන කියල වැඩක් නැහැ... පට්ට ආතල් ඕසි.....
ReplyDelete