2012-01-16

නුවරඑළියේ වාර්තාගත ශීතලක්


රටපුරා ප‍්‍රදේශ බොහෝමයක මේ දිනවල පවතින්නේ ශීත කාළගුණයක්. ශ‍්‍රී ලංකාවෙන් මෑත කාලයේ වාර්තා වූ අඩුම උෂ්ණත්ව අගයක් නුවරඑළියෙන් අද අළුයම වාර්තා වූ බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අගය සෙල්සියස් අංශක 3.8 ක්.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 8.30 ට නිකුත් කළ වාර්තාවට අනුව කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24.3 ක්. හම්බන්තොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 25.8 ක්ද, අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22.8 ක්ද වනවා. වව්නියාවේ ඇත්තේ සෙල්සියස් අංශක 21.3 ක උෂ්ණත්වයක්. බදුල්ල, කුරුණෑගල, රත්නපුර සහ මොණරාගල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක මීදුම පවතිනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.