2012-01-18

දියණිය කෙළෙසු පියෙකු අත්අඩංගුවට


කලක් තිස්සේ සිය දියණිය ලිංගිකව අපයෝජනය කළ බව කියන මිහින්තලය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුනා. ඔහුගේ වයස අවුරුදු 34ක්. භාර්යාව වසරක් පමණ තිස්සේ විදෙස්ගතව රැකියාවක යෙදෙන බව විමර්ශනවලින් හෙළි වුණා. නිවසේ රැඳී සිට ඇත්තේ එම පුද්ගලයා සහ දියණියන් දෙදෙනා පමණයි.
අපයෝජනයට ලක්ව බව පැවසෙන්නේ වැඩිමල් දියණිය බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. ඇගේ වයස අවුරුදු 14ක්.

මේ අතර දඹුල්ල සහ මහියංගණය යන ප‍්‍රදේශවලින්ද බාලවයස්කාර දැරියන් දූෂණය කෙරුණු සිද්ධීන් වාර්තා වනවා. මව සමග අමනාප වී නිවසින් පිටව ගිය දැරියක් දඹුල්ල ප‍්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් දූෂණය කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. දැරියගේ වයස අවුරුදු 13ක් පමණ වනවා. ඇය ලැගුම්හලට රැගෙන ගොස් ඇත්තේ ති‍්‍රරෝද රථයක නංවා ගනිමින්. එම ති‍්‍රරෝද රථය, එහි රියදුරු ලැගුම්හලෙයි කාමර  සැපයුම්කරු සහ දූෂණය සිදු කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහියංගණය ප‍්‍රදේශයේදී දුෂණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 14ක් පමණ වන දැරියක් ඊට සැකපිට ගිරාඳුරුකෝට්ටේ පදිංචි වයස අවුරුදු 22ක් පමණ වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.