‘‘එජාපයට පරාජය උරුම කළ මහින්ද - රනිල් හොර ගිවිසුම’’ නමින් ලක්ෂ්මන් ආනන්ද ලැනරෝල් මහතා විසින් රචනා කරන ලද කෘතියක් ඊයේ එළිදැක්වුණා. ඒ සඳහා වූ නිල උත්සවයට සහභාගි වූවන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
උත්සවයට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පළාත් සභා මන්තී‍්‍රවරුන් සහ පළාත් පාලන සභිකයන් හඳුනා ගැනීම එහි අපේක්ෂාවයි. පක්ෂ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඔවුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමටද විපක්ෂ නායකවරයා අදහස් කරන බව දේශපාලන ආරංචි පැවසුවා. දකුණු පළාත් සභාවේ මන්තී‍්‍රවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අද දිනය තුළම අත්හිටුවනු ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ. එම මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් දීර්ඝ කාලයක සිට පෙනී සිටින්නෙක්.
මේ අතර ඊයේ එළිදැක්වුණු කෘතියෙන් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සිදුකරන ලද බව කියන ඇතැම් කටයුතු විස්තර කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.