2012-01-20

ඇමෙරිකාව MegaUpload සීල් තබයි


අන්තර්ජාලය ඔස්සේ විශාල ධාරිතාවකින් යුතු ගොනු හුවමාරු කරගැනීමේ සේවාවක් සලසන ලෝකයේ ජනප්‍රියතම වෙබ් අඩවියක් වන Megaupload වෙබ් අඩවිය ඇමෙරිකානු FBI ෆෙඩරල් පොලිසිය විසින් ඊයේ (19) දින සීල් තබා වසා දමා ඇත.
අන්තර්ජාලයේ තොරතුරු බෙදා හැරීමේ නිදහස සිමාකරමින් එහි පාලනයට ඇමෙරිකානු රජයට ඉඩ සැලසීම සදහා ඇමරිකානු රජය විසින් ගෙන ඒමට යෝජිත Stop online Piracy Act (SOPA)  සහ Protect IP Act  පනත් වලට එරෙහිව විවිධ සමාගම් රාශියක් විසින් විරෝධය පා මොහොතක් ගතවීමටත් මත්තෙන් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් පනවන ලද නියෝගයකට අනුව ඇමෙරිකානු FBI පොලිසිය විසින් Megaupload වෙබ් අඩවිය වසා දැමීමට ක්‍රියාකර තිබීම විශේෂත්වයකි.
Megaupload වෙබ් අඩවිය වසා දැමීමෙන් මොහොතකට පසු එම වෙබ් අඩවියේ නිර්මාතෘ වන Kim schmitz ව තවත් ඔහුගේ සඟයින් තිදෙනෙකු සමඟ නවසීලන්තයේදී අත්අඩංගුවට ගත් බව  FBI විසින් ප්‍රකාශ කර ඇත.
තවද Megaupload හී ජාත්‍යන්තර වත්කම් වන ඇ. ඩො. මිලියන 50 ක පමණ වටිනාකමකින් යුතු වත්කම්ද අවහිර කිරීමට  ඇමෙරිකානු FBI බලධාරීන් කටයුතු කර ඇත.
මෙගාඅප්ලෝඩ් ගොනු හුවමාරු ක්‍රමය යටතේ බුද්ධිමය දේපල හිමිකාරීත්වය ඇති විවිධ ඇමෙරිකානු සමාගම් වලට වාර්ෂිකව ඇ.ඩො. මිලියන 500 ක පාඩුවක් සිදුවීම නිසාවෙන් ලැබුනු පැමිණිලි අනුව එම පැමිණිළි විභාග කරනතුරු තාවකාලිකව මෙසේ Megaupload වෙබ් අඩවිය අවහිර කළ බව FBI ප්‍රකාශ වල සටහන්ව ඇත. කෙසේ හෝ Megaupload වෙබ් අඩවිය සදාකාලීකවම වැසීයනු ඇති බව ඔවුන්ට එල්ල වී ඇති චෝදනා අනුව පෙනී යයි.
Megaupload යනු සාමාන්‍යය විද්‍යුත් තැපැල් සේවාවක් මඟින් හෝ සාමාන්‍යය මැසෙන්ජර් සේවාවක් ඔස්සේ හෝ හුවමාරු කරගැනීමට අපහසු වැඩි ධාරීතාවකින් යුත් ගොනු එකි නෙකා අතර හුවමාරු කර ගැනීම සඳහා ලෝකයේ පවතින ජනප්‍රියතම වෙබ් අඩවිය වේ. තවද මෙගාඅප්ලෝඩ් යනු ජනප්‍රිය සිංදු චිත්‍රපට වැදගත් Programs  හුවමාරු කරගැනීම සඳහා ලොව වටා මිලියන 50 ක් පිරිසක් දිනපතා පරහරණය කරන ලෝකයේ ජනප්‍රිය 13 වැනි ස්ථානයේ පසු වූ වෙබ් අඩවියයි.
Megaupload මඟින් එහි ලියාපදිංචි නොවි ඕනෑම අයෙකුට මෙගාබිට් 2 ක උපරිමයකින් යුත් ගොනුවක් එකවර Upload කළ හැකි අතර සෑම ගොනුවක් Upload කර අවසානයේ දී ලබාදෙන්නා වූ අනන්‍යය යොමුව ලොව වටා සිටින්නා වූ තම මිතුරන්ට ලබා දීමෙන් නැවතත් ඔවුනට එය ක්‍ෂණිකව Download කර ගත හැකිය. Megaupload හොං කොන් හී ලියාපදිංචි සමාගමකි.


උපුටා ගැනීම ලංකාසීනිව්ස් වෙබ් අඩවිය

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.