වෘත්තීය සටන් පාවාදීමේ ව්‍යාපාරයක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ආරම්භ කර ඇතැයි ජාතික සේවක සංගමය පවසනවා. එහි ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාවේ ප‍්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා ප‍්‍රකාශ කළේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප‍්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව මාධ්‍ය මගින් අනාවරණ කෙරුණා. ඒ ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට ලබාදුන් සියයට 18ක වැටුප් වර්ධකයට ජාතික සේවක සංගමයේ අනුමැතියකින් තොරව ඔහු කැමැත්ත පළ කිරීම හේතුවෙන්. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ ආනන්ද පාලිත මහතා මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාවේ ප‍්‍රධාන ලේකම් ධුරයෙන්ද ඉවත්කර ඇති බවයි. එහෙත් ආනන්ද පාලිත මහතා ප‍්‍රකාශ කළේ තමන් එම ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු අයිතියක් නොමැති බවයි.2012-01-20
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.