2012-02-09

මාලේ හිටපු ජනපති අල්ලන්න වරෙන්තු නිකුත් කරයි


මාලදිවයින් හිටපු ජනපති මොහමඩ් නෂීඩ් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ මාලේ අගනුවර පිහිටි අපරාධ අධිකරණය මෙම වරෙන්තු නිකුත් කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයා සමග ඔවුන්ගේ ආරක්ෂක අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. කෙසේවෙතත් නිකුත් කරන ලද වරෙන්තුවේ අදාළ චෝදනා නිශ්චිතව සදහන් කර නැහැ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.