2012-02-09

තනුජා අලි අමාරුවක


ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනියක් වන තනුජා දිල්හානි මේ දවස්වල දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලන්කන්මිරර් වෙත වාර්තා වනවා. ඊට හේතු පාදක වී ඇත්තේ සත්කුළු පව්ව ටෙලි නාට්‍යය බවයි කරුණු අනාවරණ වන්නේ. දිල්හානි එම ටෙලි නාට්‍යයේ චරිතයක් නිරූපණය කරනවා.
දිල්හානි සැලසුම් කර තිබුණේ එම නාට්‍යයේ තමාට අදාළ කොටස් රඟපෑමෙන් අනතුරුව සිය සැමියා සම නවසීලන්තය ‍බලා යාමටයි. කෙසේ වුවද නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂවරයාට ඇයගේ චරිතය නිරූපණය කෙරෙන කොටස් ඇය නවසීලන්තය බලා පිටත් වීමට පෙර රූගත කර ගැනීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වෙතත් සැලසුම් කර ගත් පරිදි දිල්හානි නම් සිය සැමියා සමග නවසීලන්තයාට ගියා. 
කෙසේ වෙතත් ටෙලියේ නිෂ්පාදකවරයාගේ සහ අධ්‍යක්ෂවරයාගේ බලවත් ඇවිටිලි කිරීම් මධ්‍යයේ දිල්හානිට නැවත ලංකාවට එන්නවුණා. ඇය එසේ පැමිණියේ තම සැමියාගෙන් එල්ල වූ දැඩි විරෝධයද මධ්‍යයේයි. එම විරෝධය පවුල් ආරවුලක් තරමට දුරදිග යන තත්ත්වයකට පත්වීමට ඉඩකඩ ඇතැයිද තතුදත් ආරංචි පවසනවා. ඇය එසේ පැමිණ තමාට අදාළ චරිතය රඟපෑමෙන් අනතුරුව නැවතත් නවසීලන්තය බලා පිටත්ව යාමටයි නියමිත. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ඇය නවසීලන්තයේ සිට පැමිණියත් ඇයට මූල්‍යමය වශයෙන් හෝ ඇයට සහනයක් අදාළ ටෙලියේ නිෂ්පාදක හෝ අධ්‍යක්ෂවරයාගෙන් නොලැබීමයි. මේ නිසා තනුඩා ඉතා කනස්සල්ලෙන් පසුවන බවද අනාවරණ වනවා.
තනුජාගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.....























No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.