2013-04-25

රනිල් යාපනේ යයි - උදයන් පුවත්පත් කාර්යාලයෙත් නිරීක්ෂණ චාරිකාවක


කිසියම් පිරිසක් විසින් පසුගියදා ගිනි තබා විනාශ කෙරුණු යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලය විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද නිරීක්ෂණය කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියා සිටියේ අද පස්වරුවේදී වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් උදයන් පුවත්පත් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බවයි. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ කි‍්‍රයාකාරකයන් කිහිපදෙනෙකු සහභාගි වීමට නියමිතයි. උදයන් පුවත්පත් කාර්යාලය ගිනිතබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.