2011 වර්ෂයේදි රුපියල් මිලියන එක්ලක්ෂ 17,150 ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පාර්ලිමේන්තුවේදී අද අනාවරණ වුණා. ජේ්‍යෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසුවේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 1421 ක මුදලක් වැය කළ බවයි. ප්රජාතන්ත්රවාදී ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
ඔහු මේ බව කියා සිටියා. 2010 වසරේදී රුපියල් මිලියන එක්ලක්ෂ 4650 ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබෙනවා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 660 ක්. 2009 වසරේදී රුපියල් මිලියන 83,350 ක වටිනාකමකින් යුත් මුදල් මුද්‍රණය කෙරුණා. 2008 වසරේ දී මුද්‍රණය කර ඇත්තේ රුපියල් මිලියන 11,300 ක් වටිනා මුදල් නෝට්ටු තොගයක්. මෙම මුදල් නෝට්ටු බියගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මගින් මුද්‍රණය කර තිබෙනවා.2012-03-08
2011දී රුපියල් මිලියන 1,17,150ක මුදල් නෝට්ටු මුද්‍රණය කරලා
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.