2015-07-04

සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ හිටපු ජනපති සාකච්ඡාවක

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ. ඊයේ(03) රාත්‍රී කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක ආදාළ සාකච්ඡා පැවති බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජනතා සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාද සහභාගී වී තිබේ.

හිටපු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අල්හප්පෙරුම, විමල් විරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් 60කට වැඩි පිරිසක් එක්ව සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙහිදි හිටපු ජනාධිපතිවරයාට ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

කෙසේවෙතත් සන්ධානයේ හෝ වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි වන ආකාරයෙන් දේශපාලන වේදිකාවල ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට හිටපු ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් ද කර තිබේ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරි දේශපාලන කටයුතු සාකච්ඡා කරමින් සහයෝගයෙන් කටයුතු කිරිමේ අවශ්‍යතාවයද මෙහිදි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.