පොළොන්නරුව ගල් විහාරය අසල ඓතිහාසික ශිව දේවාලය නිධන් හොරුන් විසින් ඊයේ රාත්‍රියේ කඩා බිඳ දමා තිබෙනවා. ශිව දේවාලයේ තැන්පත් කර ඇති ශිව ලිංගය ද නිධන් හොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දේවාලය ඇතුලත පොළවේ අඩි 04 ක පමණ ගැඹුරින් යුතු වලක් ද හාරා තිබෙනවා. දේවාලයේ තිබු පුරාවස්තු කිහිපයක් ද නිධන් සොරුන් විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසීය හා පුරාවිද්‍යා නිලධාරීන් පවසනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පොළොන්නරු පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
2012-05-14
ශිව ලිංගයටත් නිධන් හොරුන්ගේ බැල්ම
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.