2012-03-06

පූටින්ට නිරුවත් විරෝධයක්


රුසියානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්කර එය ගණන් කිරීම ආරම්භ කළ මොහොතේදී ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ කඩාකප්පල් කාරි කි‍්‍රයා කිපයක්ම සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාන්තාවන් පිරිසක් තම උඩුකය නිරුවත් කරමින් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා කඩා වැදීම ඒ අතර විශේෂ සිද්ධියකි. 
ඡන්ද පොලට බලෙන් ඇතුල් වී ඇති මෙම පිරිස හදිසියේම උඩුකය ඇදුම උනා දමමින් ඡන්ද පෙටිටිවලට අතදමමින් කලබල ඇති කර තිබේ. ඔවුන්ගේ නිරුවත් උඩුකයේ පූටීන් විරෝදී සටන් පාඨ ලියා තිබූ අතර ඒ අනුව සටන් පාඨ කියමින් එම ස්ථානවල කටයුතු කඩා කප්පල් කිරීමට උත්සහ ගත් බවටද වාර්තා වේ.
අවධානය වෙනතකට යොමුකර ඉලෙක්ට්‍රොනික ඡන්ද පෙටිටි සොරකම් කිරීමට මොවුන් උත්සාහ කළ බවද පැවසේ. කෙසේවවුද මෙම පිරිසට තම ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයේ සිදුවීම් හරහා අයුතු ප‍්‍රයෝජන ගැනීමට තැත් කිරීම සම්බන්ධරෙයන් එරට අධිකරණය විසින් දින 12 ක උපරිමයකට යටත් පාලනය සහිත සිර දඬුවමක් පනවා ඇත.




No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.