2012-03-07

ජන අරගලයට මැර ප්‍රහාරයක්


ජන අරගල ව්‍යාපාරයට අයත් සාමාජිකයින් පිරිසකට‍ ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ව්‍යාපාරයට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජයන්ත වන්නිආරච්චි මහතා කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිරිපෙළ සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් අද දහවල් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සාමාජිකයින් දස දෙනෙකු අඟුණුකොලපැලැස්ස රෝහලට ඇතුළත් කළ බව ද වන්නිආරච්චි මහතා සඳහන් කළේය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසියට පැමිණිලි කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.