ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් අළුත් වැඩකට අතගැසීමට යන බව වාර්තා වනවා. ෆේස්බුක් ඔස්සේ භාවිතා කරන මොබයිල් ඇප්ස් මිලදීගැනීම සඳහා අන්තර්ජාලයේ ඇප්ස් හලක් ආරම්භ කිරීමට එම සමාගම සැරසෙනවා.
ජංගම දුරකතන මගින් ෆේස්බුක් සමාජ ජාලයට පිවිසෙන පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතින නමුත් මොවුන්ට දිස් වන්නේ සීමිත ෆේස්බුක් වෙළඳදැන්වීම් ප්රමාණයකි.මේ හේතුවෙන් ෆේස්බුක් ආදායමද සීමා වන අතර මීට පිළිතුරක් වශයෙන් ඇප්ස් හල ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඇප්ස් හලෙන් ජංගම දුරකතන සඳහා මෙන්ම පරිගණකවලට ද අවශ්‍ය ඇප්ස් ලබාගත හැකි වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඉදිරියේදී ෆේස්බුක් සමාගමේ මූලික කොටස් නිකුතුව පැවැත්වෙන අතර මෙම නිකුතුවෙන් එම සමාගමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 77 – 96ක් අතර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.