පොළොන්නරුවේ සිට කොළඹ දක්වා ව්‍යාජ වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කළ ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. සැකකරුවන් සතුව තිබූ පරිගණක යන්ත්‍රයක් , භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්යංශයේ ශීර්ෂ අඩංගු පොත් , ඇතුළු තවත් උපකරණද අත්අඩංගුවට ගැනුනා. සැකකරුවන් දෙදෙනා වසර 5ක පමණ කාලයක සිට ව්‍යාජ බලපත්‍ර නිකුත් කර ඇති බවයි පරීක්ෂණයකදී අනාවරණ වුණේ.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන එ්කකය පරීක්ෂණ පැවැත්වූවා. ව්‍යාජ බලපත් නිකුත් කිරීම සඳහා සැකකරුවන් ලොරි රථ හිමියන්ගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගෙන තිබෙනවා. නිකුත් කර ඇති ව්‍යාජ බලපත් සෙවීම සඳහා පොළොන්නරුවේ සිට කොළඹ දක්වා ධාවනය වන ලොරි රථ පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කෙරුණා.2012-03-06
ව්‍යාජ බලපත් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.