2012-03-17

රත්නපුර වෙරළුපේ පාරේත් මැණික්?


රත්නපුර, වෙරළුප ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමේ දී මැණික් ඉල්ලමක් පවතින බවට සැකකෙරෙන ප්‍රදේශයක් හඳුනාගෙන තිබෙනවා. අදාළ මාර්ගය පිළිසකර කළ ප්‍රදේශයේ තිබුණු පස් ප්‍රදේශවාසීන් විසින් රැගෙන ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා පවසනවා. 
අද (17) පෙරවරුවේ සිදුකළ විමර්ශනයක දී වර්ග මීටර 100 ක පමණ ප්‍රදේශයක පස් මෙලෙස රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බවයි නිමල් බණ්ඩාර මහතා පැවසුවේ.
කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ මැණික් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් දැනට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ඔහු පවසන්නේ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් අදාළ ප්‍රදේශ‍යට පිටත් කර හැර ඇති අතර ඔවුන් ලබාදෙන වාර්තාවට අනුව මැණික් ඉල්ලමක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී ප්‍රකාශ කළ හැකි බව නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.