2012-03-07

කහවත්තේ සැකපිට යුවළක් අත්අඩංගුවට? - ගෙවල් දෙකකට ගිනි


කහවත්තේ කොටකෙතනේ එස්.එම්. නයනා නිල්මිණී (52) හා කාවින්ද්‍යා සෙල්ලහේවා (18) මව සහ දියණිය මරා දැමීයැයි සැකපිට අසල්වැසි යුවළක් හා ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බවට කට කතාවක් කහවත්ත කොටකෙතන ගම පුරා පැතිර තිබෙනවා. කෙසේ වෙතෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතාගෙන් කළ විමසීමකදී
ඔහු සඳහන් කළේ මෙම තොරතුරු තහවුරු කළ නොහැකි බවයි.

මෙම යුවළට සම්බන්ධ සමීප නෑයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරිගේ නිවෙස මීට පැයකට පෙර ගිනි තබා වනසා දමා තිබිණි. ඔහු ඇමැතිවරයකුගේ සම්බන්ධීකරන නිලධාරියෙකි.

මාසයකටත් පෙර සිදුවූ මේ ඝාතන සොයා රහස් පොලීසියද පොලිස් කණ්ඩායම් අටක් ද පරීක්ෂණ පැවැත්වීය. එහි ප්‍රගතියක් ඇති කර ගත හැකි වූයේ පොලිස් පරීක්ෂණ හරි හැටි සිදු නොවෙතියි සර්ව ආගමික කාන්තාවන් පිරිසක් කහවත්තේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දින දෙකකට පසුවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගත් පුවත සැළවීමත් සමග ගම පුරා රතිඤ්ඤා පත්තු කළ බවටද වාර්තා වනවා.




මහ ගෙදරටත් ගිනි
(update) කහවත්තේ ද්විත්ව ඝාතයේ සැකකරුවන් රහස් පොලීසියෙත් අත්අඩංගුවට ගත්තැයි ආරංචි පැතිරයාමත් සමග සැකකරුවන්ගේ මහ ගෙදර යැයි සැලකෙන නිවසකට ගිනි තබා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. තුන්දහසක් පමණ පිරිසක් කොටකෙතනේ එහා මෙහා යතියි ද වාර්තාවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.