2012-03-08

අධිකරණය පොලිස්පතිට එරෙහි වෙයි


පොලිස් සැරයන්වරුන් 634 දෙනෙකුගේ උසස්වීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයක් සංශෝධනය කරන්නැයි පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධීකරණය අද ප‍්‍රතික්ෂේප කළා. ඒ, අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.
පසුගිය ජනවාරි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් සැරයන්වරු 634 දෙනකු උපපොලිස් පරික්‍ෂක තනතුරට උසස් කරන ලෙස නියෝගයක් ලබා දුන්නා. එහෙත් අදාල නියෝගය ක‍්‍රියාත්මක කළ හොත් පරිපාලන ගැටළු රැුසක් මතුවන නිසා එම නියෝගය සංශෝධනය කරන ලෙසයි පොලිස්පතිවරයා මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව මීට පෙර ලබා දුන් තීන්දුව තව දුරටත් බලාත්මක වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.