2012-04-10

ලංගම සේවකයන්ට අලුත් අවුරුද්දට 3300ක තෑග්ගක්


ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලූ‍ ම සේවක සේවිකාවන්ගේ මූලික වැටුපට රු. 3300ක වැටුප් වැඩිවීමක් හිමිවීමට නියමිත බව වාර්තා වනවා.
අවම වැටුප හිමි සේවකයන් හැර අනෙකුත් ‍ශ්‍රේණි සඳහා ද විෂමතාවක් ඇති නොවන ආකාරයට මෙම වැටුප් වැඩිවීම හිමිවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
මෙම වැටුප් වැඩිවීම සඳහා රු. මිලියන 372ක් රජය විසින් ලංගමට වෙන්කර දී තිබෙනවා. මෙම වැටුප් වැඩිවීම මේ මාසයේ වැටුපේ සිට හිමිවනු ඇතැයි ලංගම වැඩිදුරටත් ප‍්‍රකාශ කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.