2012-04-07

ජුනි මාසයෙන් පස්සේ හදිසි පළාත් සභා මැතිවරණයක්?


ලබන ජූලි මාසයේදී පළාත් සභා තුනක් විසුරුවා හැර හදිසි පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව විසුරුවා හැරීමට නියමිතව ඇත්තේ උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාය. ජූලි මාසයේදී විසුරුවා හැරනෙ මෙම පළාත් සභාවල මැතිවරණය සැප්තැම්බර් මස 15 වනදාට පෙර පැවැත්වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා. ජාත්‍යන්තර වශයෙන් එල්ල වන අභියෝග හමුවේ රටේ ජනමතය හැසිරෙන ආකාරය ගැන තක්සේරුවක් ඇති කර ගැනීම පළාත් සභා තුනේ මැතිවරණ පැවැත්වීමේ අරමුණ වී තිබෙනවා. 
විසුරුවා හැරෙන පළාත් සභාවල නිලකාලය තවම අවසන් වී නැතත් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ උපදෙස් මත ඒවා විසුරුවා හැරීමට ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරවරුන්ට බලය ඇත.
විසුරුවා හැරෙන පළාත් සභා සඳහා ප‍්‍රධාන අමාත්‍යවරුන් ලෙස හිටපූ ප‍්‍රධාන අමාත්‍යවරුන්ම ඉදිරිපත් වීමට නියමිත බව පැවසෙන අතර නැගෙනහිර පළාත් සභාව සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුගේ නමක් සලකා බලමින් තිබෙන බවද සඳහන්ය.
මේ අතර ලබන ඔක්තොම්බර් මාසයේදී නැවතත් ජිනීවා නුවරදී රැස්වන ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින්  ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කල යෝජනාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ප‍්‍රගති සමාලෝචනය කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.