2012-05-31

කටුපොත ළිඳකින් ඛනිජ තෙල්


අඩි 42ක් පමණ ගැඹුරු පැරණි ළිඳකින් ඛනිජ තෙල් මතුවීමට පටන් ගැනීම හෙතුවෙන් එහි අයිතිකරුවන්ට ළඳ අතහැර දැමීමට සිදුව ඇත. කටුපොත නෙත්තිපොළගෙදර පිහිටා ඇති මෙම ළිඳ 70 දශකයේදී පමණ ඉදිකරන ලද්දකි. එම ළිඳේ ජලය මදිවීම නිසා මීට වසර දෙකකට පමණ ඉහතදී ළිඳ ගැඹුරු කර ඇති අතර මේ වන තෙක් කිසිදු අපහසුවකින් තොරව එහි ජලය ප්‍රයෝජනයට ගෙන ඇත.
ඉන් අනතුරුව කිසියම් විපර්යාසයක් හේතුවෙන් ළිං ජලය මත තෙල් වැනි යමක් පාවීමට පටන්ගෙන ඇත. ළිං ජලය හිස් කර පිරිසිදු කිරීමෙන් අනතුරුවද ජලය මත එම තෙල් වැනි දෙය පාවීම නිසා ළිඳෙන් ඛනිජ තෙල් මතුවන බව ප්‍රදේශවාසීන්ගේ නිගමනය වී ඇත. එහි පවතින ජලය මත පාවෙන ද්‍රව්‍යයෙන් භූමිතෙල් හෝ ඩීසල් සුවඳ නිකුත් වන අතර ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එය දැක බලා ගැනීම සඳහා පැමිණෙති. මේ පිළිබඳ අදහස් දැක්වූ නිවසේ පදංචි ධම්මිකා රණසිංහ මහත්මියා කියා සිටියේ මීට සති තුනක පමණ සිට ළිඳේ වතුරු පාවිච්චි කිරීමට නොහැකි වූ බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.