2013-11-13

ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමේ මෙහෙයුම උතුරු පළාත් සභාව අරඹයි

උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් ඊයේ පැවති උතුරු පළාත් සදභා දෙවැනි සැසිවාරයේදී සම්මත වී ඇති බව දෙමළ මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම උතුරු පළාතේ පාසල් ආසන්නයේ රැඳී සිටින හමුදා බල ඇණි ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක්ද එම සැසිවාරයේදීම සමම්ත කරගත් බවයි දෙමළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වෙතත් ආණ්ඩුකාරයා ඉවත් කිරීමේ යෝජනාවක් සම්මත කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නම්  ඔහුට විරුද්ධව දුෂණ චෝදනා හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම් චෝදනා එල්ල වී තිබිය යුතුය.
මේ අතර ආණ්‌ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි ඊයේ පැවති සැසිවාරය ඇමතීම ආරම්භ කිරීමත් සමඟම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු තිදෙනකු ඊට විරෝධය පළකරමින් ශාලාවෙන් පිටව ගොස්‌ ඇති බවද මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.