2013-11-13

වසරක් තුළ ලකුණු දහසක් සම්පුර්ණ කළ සංගක්කාර

ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර මෙම වසර (2013) තුළ එක්දින ලකුණු 1000 ක් රැස්කළ පස්වැනි ක‍්‍රීඩකයා බවට පත්විය. සූරියවැව ක‍්‍රීඩාංගණයේ නවසීලන්ත පිලට එරෙහිව පැවැති තරගයේ 38 වැනි ලකුණු ලබා ගැනීමත් සමග සංගක්කාර ලකුණු 1000 සම්පූර්ණ කළේය. මෙම තරගය ආරම්භ වන විට සංගක්කාර මේ වසර තුළදී ලකුණු 962 ක් රැස්කර තිබුණි. සංගක්කාර මෙම ලකුණු 1000 වාර්තා කළේ මේ වසර තුළ තරග 19 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතක් සමගින් ය.
මිස්බා උල් හක් (තරග 25 කදී 1119), ජෝජ් බේලි (තරග 22 කදී 1098), රෝහිත් ශර්මා (තරග 22 කදී 1071) සහ විරාට් කෝලි (තරග 28 කදී 1033) සංගක්කාරට ඉදිරියෙන් සිටිති.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.