වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් වටලා සැකකරුවන් පස් දෙනකු සමග මුදල් නෝට්ටු මුද්‍රණයට යොදා ගත් ස්කෑන් යන්ත්‍ර හා පරිගණකයක්ද දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 15 ක්ද පෑලියගොඩ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (12දා) අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත් පස් දෙනාගෙන් සිව් දෙනකු කැලණිය නුවර පාරේ පිහිටි සමාජ ශාලාවකට පැමිණ මත්පැන් පානය කර බිල ගෙවීම සඳහා රුපියල් දහසේ හොර නෝට්ටු 5 ක් මුදල් අයකැමිවරියට දී ඇත. එම නෝට්ටු පිළිබඳව සැක සිතූ අයකැමිවරිය ඒ පිළිබඳව පෑලියගොඩ මූලස්ථාන පොලිසියට දුරකථනයෙන් දැනුම් දී තිබේ.
පසුව එම මුද්‍රණාලය වටලා එහි තිබී මුද්‍රණය කරන ලද රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක්, ස්කෑන් යන්ත්‍රයක්, ලේසර් ප්‍රින්ටරයක් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් මුද්‍රණ කඩදාසි හා පරිගණක උපාංග රැසක් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් විසින් මුද්‍රණය කරන ලද රුපියල් 280,000 ක් වටිනා දහසේ නෝට්ටු 280 ක් වෙළෙඳපොළට බෙදාහැර ඇතැයි පොලිසිය කියයි. එම මුදල් නෝට්ටු 5/50 889153, 5/47 103247 අංක යටතේ මුද්‍රණය කර ඇත.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් කුලරත්න, කැලණිය කොට්ඨාස භාර ඡේHෂ්ඨ පොලිස් අධිකාරී සී. ඊ. වෙදිසිංහ, කැලණිය සහකාර පොලිස් අධිකාරී විදුර ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර පෙත්තතන්ත්‍රී මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී. යූ. බාලසූරිය, උප පොලිස් පරීක්ෂක දිනේෂ් කුමාර, පොලිස් සැරයන් (59172) ප්‍රියන්ත, පොලිස් කොස්තාපල් වරුන් වන (75101) රූපසිංහ, (84854) යාපා (78362) ගුණවර්ධන යන මහත්වරු සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.