දැනට නිකුත් කර ඇති සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකත් සීට්ටුවේ කිසිදු ගැටළුවක් නැතැයි ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී පියසේන රතුවිතාන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ලිප ගිනි මොළවන නැකතෙහි අඩුපාඩු පිළිබඳ පළවන වාර්තා සත්‍යයෙන් තොර බවයි. ජ්‍යෙතීර්වේදීන් කිහිපදෙනෙකු උපුටා දක්වමින් දිනපතා පුවත්පතක් සිය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ඊයේ වාර්තා කළේ සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මොළවන නැකතෙහි අඩුපාඩු ඇති බවයි. එම නැකත වැරදි ලෙස සකසා ඇති බව එමඟින් පෙන්වා දුන්නා. එහෙත්, එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී පියසේන රතුවිතාන මහතා ප්‍රකාශ කළේ.
මුන්නේෂ්වරම් කෝවිලේ සෝමසාමී පූජකතුමන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර තිබුණේ රවි ග්‍රහයා බලවත්ව ඇති උත්‍රසල් නැකත යෙදී ඇති ලිපි ගිනි මෙළවීමේ නැකත විපත් ඝනයකට වැටෙන බවයි. අටවක පොහොයද යෙදී ඇති බැවින් හිරු බැස යන වේලාවක අවුරුද්ද උදාවීම සුභදායක නොවන බවයි සෝමසාමී පූජකතුමන් පෙන්වා දෙන්නේ. එහෙත්, ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී පියසේන රතුවිතාන මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.