ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීමේ කටයුතුවල නිරතවන පෞද්ගලික බවුසර හිමියන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ වර්ජනය අතහැර තිබෙනවා. සිය ඉල්ලීම් ලබාදිමට ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා එකඟ වී ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අද (09) සහ හෙට (10) සේවාවලින් ඉවත්වීමට ගෙන තිබූ ක්‍රියාමාර්ගය නතර කළ බව ශාන්ත සිල්වා මහතා පැවසුවා.
ටැංකි රථ සඳහා ලබාදෙන දීමනාව ඉහළ නංවන ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.