2012-04-10

වැටුප් වර්ධක ලබා ගැනීමේ අරමුණින් වෘත්තීය සමිතිවලට ඉල්ලීම් ඉදිරිපත් කරන්න බැහැ


වැටුප් වර්ධක ලබාගැනීමේ අරමුණින් කිසිදු වෘත්තීය සමිතියකට ඉල්ලීම් ඉදිරිපත් කළ නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති විමලධර්ම අබේවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේ වෘත්තීය සමිතිවල එකඟතාවය මත සේවකයන්ට හිමි වැටුප් වර්ධක සියල්ල ලබාදී ඇති බවයි. එහෙත්, තම වැටුප් ගැටළුවට නිසි විසදුමක් ලබානොදුනහොත් හෙට සිට ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයේ සභාපති විමලධර්ම අබේවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේ වැටුප් වර්ධක ඉල්ලා යම් වෘත්තීය සමිතියක් වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භ කරන්න්නේ නම් එය කිසිසේත් සාධාරණ නොවන බවයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.