කටුනායක සිට ජාකර්තා නුවර බලා අද උදේ 7.30ට පිටත් වූ MK 603 මිහින් එයාර් ගුවන් යානය පෙරවරු 9.21ට යළි ගුවන් තොටට ගොඩ බෑවේය. ඒ වන විට ගුවන් තොටුපොළේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබිණි. යානයේ ගමන් බඩු අංශයේ බහාලුමකින් දුම් දැමීමක් මේ සිද්ධියට හේතු විය. ගුවන් යානය එහි ගොඩබට වහාම මගීහු 202 ඉන් ඉවතට ගනු ලැබූවා. මගීන් කිසිවකුටත් කිසිම කරදරයක් සිදුව නැහැ. භාණ්ඩ ඇසුරුම් කුටියේ හට ගත් ගින්නක් යාන ගොඩ බැස්සවීමට හේතුව බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද තහවුරු කළා.
2012-04-09
මිහින් ලංකා යානයක් හදිස්සියේ ගොඩ බස්වයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.