2012-04-09

ගිලී යාමට ආසන්න බොර තෙල් නැවක් පානදුර මුහුදේ


ටොන් 600ක් බොරතෙල් පටවා ගත් නැවක් වසර තුනක් තිස්සේ පානදුරට නාවික සැතපුම් 8ක් එපිටින් නැංගුරම් ලා තිබීම හේතුවෙන් එම නැව කොයි මොහොතේ හෝ ගිලී යන්නට ඉඩ තිබේ යයි පරිසරවේදීන් පෙන්වා දෙනවා. සයිප‍්‍රසයට අයත් මෙම නෞකාව 2009 වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය නැවේ කපිතාන්වරයාට එරෙහිව මෙරට අධිකරණයක නඩු පැවරීම හේතුවෙන් මෙලෙස නැංගුරම් ලා තිබෙනවා. එයින් පසුව නැව අයත් සමාගම ශ‍්‍රී ලංකාවේ නාවික කටයුතු ආයතන කීපයකට එරෙහිව වන්දි ඉල්ලා සිටීම නිසා නැව තවදුරටත් මුහුදු සීමාවේ තබා ගැනීමට නියෝග ලැබී තිබෙනවා. 
කෙසේ වෙතත් වසර තුනක් තිස්සේ එකම තැනක නවත්වා තිබීම නිසා නැව දැඩි ලෙස මළකඩ කා ඇති අතර නැවේ සියළුම කොටස් මේ වන විට අලුත්වැඩියා කළ නොහැකි තත්වයට අක‍්‍රිය වී ඇතැයිද පැවසෙනවා.
බොරතෙල් ටොන් 600ක් දරා සිටින නෞකාව ඉදිරි නිරිත දිග මෝසමේදී ගිලී යාමට වැඩි ඉඩකඩක් ඇති බව පවසන සමුද්‍ර සංරක්‍ෂණ අධිකාරිය එසේ සිදුවුවහොත් පානදුරේ සිට මීගමුව දක්වා මුහුදු තීරය සම්පූර්ණයෙන්ම තෙල් වලින් වැසී යා හැකි බවද පෙන්වා දී තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.