පොළොන්නරුව දිස්ත්රික්කයේ ප්රදේශ රැසක මහා පරිමාණ පස් කැපීමේ ජාවාරම් සිදුවන බව තොරතුරු වාර්තා වුණා. හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න මහතා ප්රකාශ කළේ පස් කැපීම සඳහා නිසි නීතිමය රාමුවක් මෙතෙක් සකස් වී නොමැති බවයි. පොළොන්නරුව ගිරිතලේ යාය 02 ඇළවට රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ පස් කැපීමේ ජාවාරමක් පිළිබඳ ඉකුත් 08 වනදා තොරතුරු වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ බලපත්ර ලබාගෙන ඇති මුවාවෙන් මෙ ජාවාරම තවදුරටත් සිදුවන බවයි.
කෙසේවෙතත් ගිරිතලේ යාය 02 රක්ෂිතය තුළ මෙවැනි පස් කැපීමේ ජාවාරමක් සිදුනොවන බවයි සභාපතිවරයා ප්රකාශ කළේ. එම චෝදනා සම්බන්ධයෙන් සොයා බලන බවද ඔහු ප්රකාශ කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.