2012-04-10

කෞතුකාගාරය ගැන නිවැරදි තොරතුරු දුන්නොත් ලක්ෂයෙන් බැඳි පියලි


කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ කෞතුක භාණ්ඩ සොරකම පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල්  ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලීසිය තීරණය කර තිබෙනවා. පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ ඒ පිළිබඳ නිවැරදි තොරතුරක් වේ නම් 0722117620 යන දුරකතන අංකයට ඒ පිළිබඳ දැනුම් දිය හැකි බවයි. එමෙන්ම, 0112320141 යන දුරකතන අංකයටද ඒ පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි බවයි පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ. කෞතුකාගාරයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ  වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සොරකම පිළිබඳ තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍ය භාවය සුරකින බවයි පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.