2012-04-10

පෞද්ගලික රෝහලක නීති විරෝධී ඔසුසලක් අල්ලයි


කොළඹ පෞද්ගලික රෝහලක නීති විරෝධීව පවත්වාගෙන ගිය ඔසුසැලක තිබූ රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා ඖෂධ තොගයක් ජාතික ඖෂධ අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ තමන්ට ලැබුණු ඊමේල් පණිවිඩයක් මත සිදුකළ පරීක්ෂණයකදී මෙම ඖෂධ තොගය සොයාගත් බවයි. සෞඛ්‍ය අමාත්‍යංශය අසළම මෙම පෞද්ගලික රෝහල පිහිටා තිබූ අතර එහි පත්වාගෙන ගිය ඔසුසැල ලියාපදිංචි කර නොතිබුණු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. ඖෂධවල නියමිත මිළට වඩා අධික මුදලකට ඔවුන් ඖෂධ අලෙවි කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. මේ අන්දමින් දිවයින පුරා පවත්වාගෙන යනු ලබන නීති විරෝධී ඔසුසැල් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විලවුන් උපකරණ සහ ජාතික ඖෂධ අධිකාරිය පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.