2012-04-10

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ කප්පම් අඩව්ව


මහනුවර නගරයේ වෙළඳසැල්වලින් කප්පම් ලබාගන්නා ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා. නගරයේ වෙළඳසැල් හිමියන් ප‍්‍රකාශ කළේ මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවයි. දැනට නැගෙනහිර පළාතට මාරුකර යවා සිටින මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා මීට පෙර මහනුවර පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කළා. නිවාඩු දිනවලදී මහනුවර නගරයට පැමිණෙන මොහු කප්පම් ලබාගැනීම සිදුකරන බවයි වාර්තා වන්නේ. මොහු මහනුවර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳ සැළකින්ද මුදල් නොගෙවා රන් භාණ්ඩ රැගෙන ගොස් ඇති බවයි අප කළ සොයා බැලීමකදී හෙළි වුණේ. මේ සම්බන්ධයෙන් අප මහනුවර පොලිස් මූලස්ථානයෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු කියාසිටියේ මේ සම්බන්ධයෙන් තමන්ටද තොරතුරු වාර්තා වී ඇති බවයි. මෙම උසස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් තමන්ද අප‍්‍රසාදයට පත්වන බව ඔහු වැඩිදුරටත් කියාසිටියා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.