2012-04-10

අධිවේගයෙන් ගම්රට බලා යන්නවුන්ට තෑගිබෝග


සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා අතිරේක බස් රථ 750 ක් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ දිවා කාලයේදී මෙන්ම රාත‍්‍රි කාලයේදීද කිසිදු අඩුවකින් තොරව ගමනාගමන කටයුතු සඳහා බස් රථ යොදවා ඇති බවයි.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ද විනාඩි 10 කට වරක් බස් රථයක් ගමන් කිරීමට කටයුතු සකස් කර තිබෙනවා. ප‍්‍රවේශ පත‍්‍රයක් මිළදී ගන්නා මගියෙකු වෙනුවෙන් බිස්කට් පැකැට්ටුවක් සහ වතුර බෝතලයක් ලබාදීමට කටයුතු කර ඇති බවයි රොෂාන් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.
මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයද විශේෂ ප‍්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. එහි සභාපති ශෂී වෙල්ගම මහතා කියාසිටියේ රාත‍්‍රි කාලයේදී පිට පළාත් සඳහා වැඩි බස් රථ ප‍්‍රමාණයක් යොමු කර ඇති බවයි.
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියාසිටියේ පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සමඟ සාකච්ඡා කර අතිරේක බස් රථ සේවයට එක්කර ඇති බවයි.
මේ අතර උත්සව සමය වෙනුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර කිහිපයක්ද ආරම්භ කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.