2012-04-09

පුද්ගලයන් පැහැර ගැනීම දැන් දෛනික අංගයක් වෙලා


රටවැසියනට නොබියව හා ආරක්ෂිතව ජීවත්වීමට හැකි පරිසරයක් සකසාදීම ආණ්ඩුවක වගකීම වන නමුත් මේ ආණ්ඩුව නිර්මාණය කරදී ඇත්තේ සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන් මෙන්ම දේශපාලන නායකයන් පවා අතුරුදන් කරවන සමාජයක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ජන අරගල ව්‍යාපාරයේ ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මහත්මියගේ අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව විපක්‍ෂ නායකවරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වනවා. 
''ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී නායකයන් දෙපළක් වූ ප්‍රේමකුමාර ගුණරත්න මහතා සහ දිමුතු ආටිගල මහත්මියගේ අතුරුදන්වීම සම්බන්ධව අපගේ බලවත් සැලකිල්ල යොමුවී ඇත. පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් දැන් ශ්‍රී ලංකාවේ ෙදෙනික ජන ජීවිතයේ අංගයක් බවට පත්වී තිබිමෙන් පැහැදිලි වන්නේ රටේ නීතිය හා ආරක්ෂාව ක්‍රියාත්මක වන ආකාරයයි. පසුගිය මාස හයක කාලය තුළ අතුරුදන්වීමේ සිද්ධීන් 56ක් වාර්තා වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ජිනීවා නුවර පැවැත්වූ කාලවකවානුව තුළ පමණක් අතුරුදන්වීම් 19ක් විණි. මෙය ඉතා කනගාටුදායක හා භයානක තත්ත්වයකි.''
ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද රට අවමානයට හා අපකීර්තියට පත් කෙරෙන මේ අතුරුදන්වීම් වළක්වාලීමට හෝ ඒ පිළිබඳ විධිමත් හා නිසි පියවරක් ගැනීමට හෝ එවැනි සිද්ධීන්ට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට ආණ්ඩුව අසමත්වී තිබෙන බවද එම නිවේදනය මගින් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.