නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍රට අයත් බව පැවසෙන පිස්තෝලයක් නීතිවිරෝධීව ළඟ තබාගත් නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ මිරිහාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබ ඇති බවයි.
ඒ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා සරත් මනමේන්ද්‍ර මිරිහාන පොලීසියට කැඳවා ඇති බවද ඔහු පැවසීය. මෙම ගිනිඅවිය මනමේන්ද්‍ර මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ ලබාදුන් එකක් බවද පැවසෙනවා. අදාල ගිනි අවිය උකස්කර රුපියල් 50000 ක් ලබාගෙන ඇතැයි ද වාර්තා වනවා.
මේවන විට ගිනි අවිය උකස් ගනු ලැබූ ව්‍යාපාරිකයා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනි අවියේ බලපත්රයද කල් ඉකුත්වී ඇතැයි වාර්තා වනවා.
පසුගිය පුවත්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.