2012-09-27

සිසු නායකයින් දෙදෙනාගේ මරණයන් සැක සහිතලු


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මුල් පෙළ කි‍්‍රයාධරයකු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරී සාමාජිකයකු වූ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨයේ අවසන් වසර ඉගෙනුම ලැබූ ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉදිරිපෙළ කි‍්‍රයාකාරිකයකු වූ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ එච්.පි. සිසිත ප‍්‍රියංකර ද සිල්වා යන දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරනවා.
එහි ප්‍රකාශකයකු පැවසුවේ එම සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය පසුපසින් මෝටර් රථයක් හබාවිත් ඔවුන් මෙම අනතුරට ලක්කළ බවට මේවන විට තොරතුරු ලැබී ඇති බවයි.
අනතුර සිදුවූ ස්ථානයේ මෝටර් රථයක් තිරිංග යෙදූ සළකුණුද දක්නට ඇත. එමෙන්ම  ප්‍ර දේශවාසීන් පවසන ආකාරයට අනතුර සිදුව මොහොතකට පසු එම ස්ථානයට පැමිණි පිරිසක් විසින් ලේ පැල්ලම් වැලි දමා වසා තිබේ. පොලීසිය පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.
එමෙන්ම පසුගිය දින කිහිපය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල ක්‍රියාකාරකයින් පිටුපස ඇතැම් පිරිස් ලුහුබැඳි බවත් වැඩබලන කැඳවුම්කරු චින්තක රාජපක්ෂ මහතා පසුපසද පසුගියදා එලෙස මෝටර් රථයක් ලුහු බැඳවිත් ඇති බවද පැවසූ එම ප්‍රකාශකයා මෙම තත්ත්වය මත සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව ඇති බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.