නාගයකු සමග ජීවත් වූ සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්නට (ඩිලානි) සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි ද ඇය නාගයා ආදරයෙන් රැකබලා ගත්තේ යැයිද ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා ඉදිරියේ කරුණු දැක්වීයග. ඇය කිසිම වරදක් කර නැති හෙයින් නිදහස් කරන්නැයි නීතීඥවරයා ඉල්ලා සිටියේය. ඇයට එරෙහිව චෝදනා ගොනුකරන බව පොලිසිය දැන්වීය. ඔක්තෝබර් 11 වැනිදාට පෙර එසේ කරන්නැයි දැනුම්දුන් මහේස්ත්‍රාත් ඉන් පසුව ඊට විරෝධතා මතුකිරීමට විත්තියට හැකි බව සඳහන් කළේය.
සතුන් වත්තට බාර දී ඇති නාගයාගේ අයිතිය එම නළඟන අත් නොහරින බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවද අර්ස කුලරත්න මහතා කීවේය. ඔහු සමග තවත් නීතීඥවරු කීපදෙනෙක්ම ඇය වෙනුවෙන් පෙනී සිටියහ. ඇයට කිසිම මානසික ලෙඩක් නැතැයි උසාවියට ඉදිරිපත් කළ මනෝ වෛද්‍ය වාර්තාවේ සඳහවන් වේ. ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව මගින් අනාවරණ වී තිබෙනවා.
අධිකරණයෙන් පිටදී එම නළගන පැවසුවේ නාගයා නැතිව තමනට නින්දද නොයන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.