2012-09-27

අධිකරණ කොමිසමේ ලොක්කෙක්ගෙන් මහේස්ත්‍රාත්වරියකට ලිංගික බලපෑම්


අධිකරණ කොමිෂන් සභාවේ ඉහලම නිළධාරියෙකු විසින් තරුණ මහේස්ත‍්‍රාත්වරියකට ලිංගික බලපෑම් කරමින් ඇතැයි වාර්තා වනවා. අදාල මහේස්ත‍්‍රාත්වරියගේ පියා විසින් මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කර ඇති ලිපියක මේ බව දැක්වෙනවා. එම ලිපිය ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටද පෙන්වා තිබෙන බව වාර්තා වනවා.
අධිකරණ සොමිසමේ නිළධාරියා විසින් විනිසුරුවරියා අයුතු ලිංගික ඇසුරකට යොමු කරවා ගැනීමට උත්සාහ දරා ඇති බවත් ඇය ඊට අවනත නොවූ පසු වසරක් ඇතුලත ඇයට දුෂ්කර ප‍්‍රදේශවලට ස්ථාන මාරුවීම් 07ක් ලබා දී ඇතැයිද ඇගේ පියා විසින් ජනාධිපති තුමන් වෙත දන්වා තිබෙනවා. නීතිය පසිඳන්නට සිටිනා අධිකරණ කොමිසමේ ලොක්කන්ගේ හැසිරීමත් මේ ආකාර නම් අනෙක්වා කෙසේ විය හැකිදැයි ජනාධිපතිවරයා එහිදී ඇමතිවරුන් සමඟ පවසා තිබෙනවා. 
අවසානයේ තීරණය කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කටයුතු සොයා බලා කල යුත්තක් නිර්දේශ කිරීමට අමාත්‍ය කමිටුවක් නම් කරන්නටය. ඒ අනුව අදාල කමිටුවට නිමල් සිරිපාල ද සිල්වා, මෛත‍්‍රීපාල සිරිසේන, අනුර ප‍්‍රියදර්ශන යාපා, ඒ.එල්.එම්. අතාවුල්ලා, වාසුදේව නානායක්කාර. ඩියු ගුණසේකර, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් නම් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.