රජයේ අභ්‍යාසලාභී සම්මුඛ පරීක්ෂණයට හොර උපාධි සහතික ඉදිරිපත් කළ බව කියන තරුණියක හා එක්දරු මවක් මාතර කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් K.K. අතුකෝරාල මහත්මියගේ පැමිණිල්ලකට අනුව දික්වැල්ල උරුගමුවේ පදිංචි 26 හැවිරිදි තරුණියක් හා දෙයියන්දර කැටියපේ ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනාට රුහුණු සරසවියෙන් හා ශ්‍රී ජයවර්ධන සරසවියෙන් නිකුත් කළ බව කියන සහතික හොර සහතික බව එම විශ්වවිද්‍යාලවලින් දැන්වූ බව පොලීසිය පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.