නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න මහතා ගමන් ගත් වාහනයට ගල් මුල් ප්රහාරයක් එල්ල වී තිබෙනවා. මුලතිව් දිස්ත්රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පෙරවරුවේ පැවැති විරෝධතාවක් සඳහා සහභාගි වී පැමිණෙමින් සිටියදී තමාගේ වාහනයට මෙම ප්රහාරය එල්ල වු බව කරුණාරත්න මහතා පවසනවා. අදාළ ස්ථානයේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුරක් පැමිණි පසු තමාගේ වාහනයට කිසියම් පිරිසක් විසින් ගල් මුල් ප්රහාරයක් එල්ල කළ බවත් ඉන් වාහනයට හානී සිදුවු බවත් ඔහු කියා සිටියේය.
දේශපාලන පක්ෂ කිහිපයක හා සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් මුලතිව් දිස්ත්රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පෙරවරුවේ විරෝධතාවක නිරත වු අතර එම අවස්ථාවේදී ද ඔවුන්ට අසූචි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
මුලතිව් හි සිටින හමුදා භටයින් ඉවත් කිරීම, කෙට්පාර්කුලම් ප්රදේශයේ ජනතාව යළි නැවත පදිංචි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වා තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.